මේ කතාව ලියන්න උනේ හිතට දැනුනු තදබල හැගීමක් නිසා. ක්‍රිස්තියානි කියන්නාවූ ආගම ඇතිවෙන්නේ ජේසුස් වහන්සේ මරියා නම් කන්‍යාවකගේ කුස තුලගැබ් ගත් මොහොතේ පටන් ය. මරියාවන්ට අති උත්තම ශුද්ධවර භාවයක් ලබා දෙන්නේ, මේ ලෝකේ මරියාවන්ට දිය යුතු තැන නොදී සලකන එකෙකුටවත් කන්‍යාවක්ව සිටියදී දරුවකු බිහි කිරීමට නොහැකි වී ඇති නිසාවෙනි.
ශ්‍රී කුරුසියටද පත්ව ඇත්තේ මෙවන් ඉරනමකි. ඉතිහාසයක් පිලිවෙතක් නොදන්නා, සම්මතයකට වැඩ කිරීමට අකමැති මූලධර්මවාදී මිනිසුන් දැන් කුරුසිය පවා "ගැලවීම" නැමැති වචනයෙන් ඉවතට ගැනීමට උත්සහයක සිටිනු බව පෙනේ. ජේසු මේ ලෝකෙට අවේ ඇයි? උන්වහන්සේ ආදරය කරපු අපි විනාශ වෙනවට අකමැති නිසා.
ඇත්තටම මේ කුරුසිය කියන්නේ මොකක්ද? ජේසු මැරුණු තැනද? එහෙමයි කියලා කුරුසියට ඇයි මෙහෙම තැනක්. තවත් අය කුරුසියේ මැරුනනේ. ඇයි ජේසුගේ කුරුසිය මෙතරම් විශේෂ?
කුරුසිය ජුදා සම්ප්‍රදාය සැලකුවේ පාපයේ දඩුවම විදියට. යක්ෂයාගේ බොජුන වෙලා තිබුනේ කුරුසිය. යක්ෂයා කෙසේ හෝ ජේසු තුමන් තමන්ට උවමනා තැනට ගෙන ගියත්, යක්ෂයා ඒ මොහොතේ ජය ගත්තත්, අවසානයේදී උගේ සියල්ල පරජය කරමින් ජේසුස් වහන්සේ මලවුන් අතරින් ශරීරාකාරයෙන් නැගිට්ටා. එයයි උත්තානය. වසර ගනණාවක් පාපයේ ලකුණ වෙලා තිබුනු කුරුසිය, දවස් 3ක් ශාපයේ ලකුණ වෙලා තිබුනු කුරුසිය ජේසුගේ උත්තානයත් සමගම ගැලවීමේ සලකුණ උනා. එදා පටන් කුරුසියෙ දිවි පුදන්නෝ භාග්‍යාවන්ත උනා. මිනිසුන් කැමති උනා කුරුසියෙ දිවි පුදන්නට. ශු. පේදුරු තුමා, ගොඩක් දෙනා කුරුසියේ මැරුම් කෑවා අවසානයේ දිනුවේ මැරුනු අය විතරයි.
කුරුසිය ගැලවීමේ ලකුණ විදියට නම් කලේ 16 වන සියවසේ. දැන් අපේ ක්‍රිස්තියානි කමේ සලකුණ වෙන්නේ මේ කුරුසිය. අපේ ජීවිත ගමන සමාන වන්නේ මේ කුරුසියට. අපි හොදින් ඒ කුරුසිය ගෙනිච්චොත් අපිටත් ජේසුගෙ උත්තානය ලැබෙයි. නැතිනම් අනිත් හොරු වගේ කුරුසිය පාපයේ සංකේතය වෙයි. තීරණය ඔබේ අතේ. නමුත් ඔබ ජේසුව අදහයි නම් කුරුසිය කියන වචනය ආරක්ෂා කරන්න.
ජේසු පිහිටයි.

No comments:
Post a Comment