Friday, March 29, 2013

බොරු කුරුස


අපි විස්වාසය අතින් මහා ලොකු අයවලුන් නොවෙමු. අපි ලොකු ලොකු පොත පත කියවා නැත. අප දන්නා එකම පොත බයිබලය නෙ. කෙසේ වෙතත් අපි වාසනාවන්ත කිතුනුවො. අපි වැරදියට වටහාගත් දෙයක් පවතී. සමහරවිට එක අපේ විස්වාසයේ ගතහොත් හරිය. ඒ නිසා අපෙන් ඒ වරද නොවෙන්න අපි වග බලාගනිමු. මන්දයත් අපිට වඩා ගොඩක් ඇදහිලිවන්තයි පවසන බොහෝ දෙනා ඒදේ නොතේරුම් ගන්නා බැවිනි.

අපේ ඉගැන්වීම් වලින් අපෙ ජීවිත වලට කා වද්දා තිබෙන්නේ මේ සියලු දුක්, කරදර කුරුසියන් ලෙසය. බැලූ බැල්මටද එසේ පෙනේ. අපි දුක් වෙනවා එක පැත්තකින්, අනිත් පැත්තෙන් හිත හදා ගන්නවා ජේසු වගේ මං කුරුසියක් ගෙනියනවා කියලා. ඒත් ප්‍රශ්නයක් ජේසුගේ කුරුසියෙ, දුක නම් නෑ. එතන තියෙන්නේ මහා යුද්ධයක ජයග්‍රහනයක්.

අපේ කට්ටිය මොකද කරන්නේ. හැමදේම කුරුස. එහෙමත් නැත්නම් හැමදේම යක්කු. බලන්න. ගෙදර ස්වාමිපුරුෂයා හරි, භාර්යාව හරි මත්පන් බොනවා නම් එක කුරුසියක්. නෑ.. මත්පන් කියන්නේ ලෞකික මිනිස්සු හදාගත්තු දෙයක්. ඒකට මේ තමුන් පමණක් වගකිවයුතු දෙයක් නෙවෙයි. නමුත් අද මත්පැන් බොන මිනිස්සුන්ව සමාජයෙන් කොන් කරනවා. පවුලෙන් කොන් කරනවා. බොරු කුරුස ඇගේ පටවනවා.
බලන්න සල්ලාල මිනිසුන්, ගනිකාවන් එහෙම කෙනෙක් ඔබෙ පවුලේ ඉන්නවා නම් ඔබට ඔහු හෝ ඇය කුරුසියක් නේද? ඔබට බෑනේ ඔහුට සැනසීමක් වෙන්න. ඔහු එක්ක ආදරයෙන් කතා කරන්න. තියෙන පවු වලට තවත් බර දීලා ඔහුව ඒකෙන්ම හන්වඩු ගහනවා. බොරු කුරුසියක් පටවනවා.

අපි කාගෙවත් අඩුපාඩුවක, නැති බැරි කමක, දුර්වලතාවයක කුරුස නෑ. ඒවා ඇති කරලා ජේසුට හිනා වෙන්නේ ඔබ. ජීවිතේ හැම ජයග්‍රහනයකම තියෙනවා ජේසුගේ කුරුසිය.  ජේසු ලොකු විශ්වාසයකට ඔබව කැදවන්නේ නෑ. මොකද උන්වහන්සේ අපිට පාර පෙන්නලා ගියේ. තමුන්ගේ ජීවිතේ තියෙන අඩු පාඩුව කවුරු කොයි විඩියට බැලුවත් කමක් නෑ. මේ මොහොතේ හිතාගන්න ඒක මන් නවත්තනවා කියලා. ඒක ඔබට බැරි වෙයි. යන්න දිව්‍ය පූජාවට. ඔබට තියෙන එකම තැන එතනයි. භාවනා මධ්‍යස්ථාන, සුව මෙහෙයවල්, ප්‍රාතිහාර්ය කඩ වලට බෑ ඒක කරන්න. යන්න දිව්‍ය සත්ප්‍රසාද වහන්සේ ඉස්සරහට. බැරි දේ කියන්න. වෙන මුකුත් කරන්න එප. දැන් නොලැබෙයි, හෙට නොලැබෙයි නමුත් අනිද්දා ලැබෙන ගැලවීම සදාකාලික වෙයි. වෙන දේවල් හොයන්න එපා. සිතේ සතුට පමණක් හොයන්න. ජේසු තමන් තුල ඉන්නවා කියන්නේ එතකොටයි.

මේ මොහොතේම බොරු කුරුස ඔබත් පටවාගෙන ඉන්නවා නම් ඒවා අයින් කරලා, ප්‍රීතියේ කුරුසිය, ගැලවීමේ කුරුසිය ලං කර ගන්න.

ජේසු පිහිටයි.

Thursday, March 28, 2013

ශ්‍රී කුරුසිය.

මේ කතාව ලියන්න උනේ හිතට දැනුනු තදබල හැගීමක් නිසා. ක්‍රිස්තියානි කියන්නාවූ ආගම ඇතිවෙන්නේ ජේසුස් වහන්සේ මරියා නම් කන්‍යාවකගේ කුස තුලගැබ් ගත් මොහොතේ පටන් ය. මරියාවන්ට අති උත්තම ශුද්ධවර භාවයක් ලබා දෙන්නේ, මේ ලෝකේ මරියාවන්ට දිය යුතු තැන නොදී සලකන එකෙකුටවත් කන්‍යාවක්ව සිටියදී දරුවකු බිහි කිරීමට නොහැකි වී ඇති නිසාවෙනි.

ශ්‍රී කුරුසියටද පත්ව ඇත්තේ මෙවන් ඉරනමකි. ඉතිහාසයක් පිලිවෙතක් නොදන්නා, සම්මතයකට වැඩ කිරීමට අකමැති මූලධර්මවාදී මිනිසුන් දැන් කුරුසිය පවා "ගැලවීම" නැමැති වචනයෙන් ඉවතට ගැනීමට උත්සහයක සිටිනු බව පෙනේ. ජේසු මේ ලෝකෙට අවේ ඇයි? උන්වහන්සේ ආදරය කරපු අපි විනාශ වෙනවට අකමැති නිසා.


ඇත්තටම මේ කුරුසිය කියන්නේ මොකක්ද? ජේසු මැරුණු තැනද? එහෙමයි කියලා කුරුසියට ඇයි මෙහෙම තැනක්. තවත් අය කුරුසියේ මැරුනනේ. ඇයි ජේසුගේ කුරුසිය මෙතරම් විශේෂ?


කුරුසිය ජුදා සම්ප්‍රදාය සැලකුවේ පාපයේ දඩුවම විදියට. යක්ෂයාගේ බොජුන වෙලා තිබුනේ කුරුසිය. යක්ෂයා කෙසේ හෝ ජේසු තුමන් තමන්ට උවමනා තැනට ගෙන ගියත්, යක්ෂයා ඒ මොහොතේ ජය ගත්තත්, අවසානයේදී උගේ සියල්ල පරජය කරමින් ජේසුස් වහන්සේ මලවුන් අතරින් ශරීරාකාරයෙන් නැගිට්ටා. එයයි උත්තානය. වසර ගනණාවක් පාපයේ ලකුණ වෙලා තිබුනු කුරුසිය, දවස් 3ක් ශාපයේ ලකුණ වෙලා තිබුනු කුරුසිය ජේසුගේ උත්තානයත් සමගම ගැලවීමේ සලකුණ උනා. එදා පටන් කුරුසියෙ දිවි පුදන්නෝ භාග්‍යාවන්ත උනා. මිනිසුන් කැමති උනා කුරුසියෙ දිවි පුදන්නට. ශු. පේදුරු තුමා, ගොඩක් දෙනා කුරුසියේ මැරුම් කෑවා අවසානයේ දිනුවේ මැරුනු අය විතරයි.


කුරුසිය ගැලවීමේ ලකුණ විදියට නම් කලේ 16 වන සියවසේ. දැන් අපේ ක්‍රිස්තියානි කමේ සලකුණ වෙන්නේ මේ කුරුසිය. අපේ ජීවිත ගමන සමාන වන්නේ මේ කුරුසියට. අපි හොදින් ඒ කුරුසිය ගෙනිච්චොත් අපිටත් ජේසුගෙ උත්තානය ලැබෙයි. නැතිනම් අනිත් හොරු වගේ කුරුසිය පාපයේ සංකේතය වෙයි. තීරණය ඔබේ අතේ. නමුත් ඔබ ජේසුව අදහයි නම් කුරුසිය කියන වචනය ආරක්ෂා කරන්න.



ජේසු පිහිටයි.

Wednesday, March 14, 2012


පාද නමස්කාරය

අද ඉදන් දවස් 15ක් පුරාවටම මම හිතුවා කිතුනු හැමෝටම පොදු නොවුනු කතෝලික අපිට විතරක් මේ චතාරික කාලයේදී අපගේ ගුරුදේවයානන් වහන්සේගේ දුක් විදීම කෙලින්ම කිව්වොත් අපේ කාලකන්නිකමට, අපේ තියෙන ආත්මාර්තකාමී කමට, ලෝබ කමට, නොනිවතින ආශාවන් වලට මේවා නිසා මේ ලෝකෙට උහුලන්න බැරි පව් කදු වලට තමුන්ගේ ශරීරය, රුධීරය ඒ පව්කාර මනුස්සයන්ට දීපු අති උතුම් මිනිසෙක්. උන් වහන්සේගේ එක බැල්මක්වත් ලබන්න සුදුසු නැති අපි වෙනුවෙන් දේවත්වය අත හැරලා මනුෂ්‍යත්වය වැලද ගත්තු කෙනෙක්.

ඇයි කතෝලික අපි මේ අනිත් අය නොකරන දෙයක් කරන්නේ, අපි මහා කාලන්නි කමක්, ජීවිතේ ලොකු තනිකමක්, යන ජීවිත ගමන බලාපොරොත්තු විරහිත ගමනක් ලෙසයි ගෙවෙන්නේ. අපි ජීවිතේ පුරාවට සතුට හොයනවා. නමුත් සතුට අපිට පේන මානයකවත් නෑ. ඒ අපි කටු අනිනවා වගේ තියෙන පාද නමස්කාරය තුල ඒ සතුට තියෙනවා අපි පුරුද්දට වගේ කියන ලතෝනි වලට වඩා පාද නමස්කරයේ ඒ හැංගිලා තියෙන සතුට අදුරගන්න පුලුවන් නම් ජේසු විදපු දුකට ඇත්තටම අපෙන් වටිනාකමක් ලැබෙන්නෙ එතකොටයි. සතුට කිව්වේ කලා බීල ජොලි කරන සතුටක් නෙමේ ජේසුගේ ජීවිතේ හැංගිලා තියෙන සතුට අපි හදුනා ගත්තම අපේ ජීවිතේ නිදහස් වෙනකොට දැනෙන සතුට.

Friday, March 26, 2010

අප දිහා බලන්න ජේසුනේ....


අප දිහා බලන්න ජේසුනේ.... අපිට ඔබවහන්සේගේ ආදරය අනුකම්පාව අත්විදින්න ඔන ජේසුනේ..... නැත්නම් අපි කරකියා ගන්න කිසිවක් නැතුව වල්මත් වෙලා, අසරණ වෙනවා ජේසුනේ.... අප සැම ආරක්ෂා කරලා ආලේප කරන්න ජේසුනේ....

Monday, March 22, 2010

මගේ ආදර ජේසු

' ජේසු ' කියන ඒ බලගතු නාමය විස්තර කරන්න මට වචන නැහැ.
මං කොහොමහරි ඒක කරනවා. මොකද මහා ප්‍රාතිහාර්යක් අත ලගයි.
මහා එලිදරව් කිරීමක් වෙනවා කියලා මට දැනෙනවා.

" නොදුටු නමුත් විශ්වාස කරන්නෝ භාග්‍යවන්තයෝය ".
මගේ ජීවිතේ සියල්ල ඔබයි ජේසුනේ..............

Sunday, March 21, 2010

පරිත්‍යාගය 3 - කස පහර

අපමණ වැඩ අතරේ උනත් මේ ලිපිය බලන්න පුලුවන් උන එක ඇත්තටම වාසනාවක්. මොකද මෙච්චර කාලටක් ජේසු ලගින් හිටපු අය දැන් අතැරලා ගිහින්. ජේසු තනි වෙලා. අපිවත් උන්වහන්සේ සමග ඉන්න එක හොදයි.
මේ මොහොත වෙනකොට ජේසුගෙ ඔලුවට කටු අතු වලින් හදාපු ඔටුන්නක් දාලා ඒක ඔලුවේ ඇට මස් සිදුරු කරන් අතුලටම කිදා බැහැලා. මුහුණ නොපෙනෙන තරමට ලේ වලින් වැහිලා. ඔන්න දැන් කස පහර දෙන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍ය කසයක් නෙමෙයි. අගිස්සට කොකු හයි කරපු ඒවා. පිටට ගහනකොට කොකු පිටේ ඇනිලා මස් කැබලි කඩාගෙන එන්නේ. ඔහොම කරද්දි කට්ටිය ජේසුගෙ සලුවට දාදු දානවා. තව සමහරෙක් මුහුනට කෙල ගහනවා. තව අය විදවන රසය අත් විදිනවා.

අපි කොහොමද අපෙ සහෝදරයා, යහලුවා, පෙම්වතා පෙම්වතිය, අම්මා තාත්තා, වෙන කෙනෙක් හෝ වේවා කරදරේක වැටෙනකොට අපි නෑසුනා වාගේ ඉන්නවා නේද? එයාලා දුක් වෙනකොට අපි කොච්චර සතුටක් ලබනවද? ඕකට ඔහොම වෙලා මදි, ඕකගෙ හැටි අපිනෙ දන්නෙ?, දෙයියනේ ඔබ වහන්සේම බලාගන්න ඕනේ. යහතින් නම් ඉන්න දෙන්න එපා ජේසුනේ කියන කෙනෙක් නෙමේද ඔබ?

ඔබ කාටද කස පහර දෙන්නෙ? කාවද තලන්නෙ? කාගෙ මුහුණටද කෙල ගහන්නෙ? ඔබ හිතනවාද අර වේදනාවෙන් පීඩිත උනු කෙනාට ජේසු දඩුවම් කරයි කියලා. නැහැ. ජේසුගෙ බැල්ම තියෙන්නෙ පීඩිතයන් වෙතයි. මොකද ඔවුන් වාසනාවන්තයි. ඒ ජේසුගෙ වචන. ජේසු ආවේ ඔවුන් නිසා. ජේසු ඔබ ගැනයි උදහස් වෙන්නෙ. එතකම් ඉන්න එපා. කෙනෙක්ගෙ දුකක් තමන්ගෙ කරගන්න. අපේ ගැලවීම එතනයි තියෙන්නෙ.

පව් නොකරන කෙනෙක් මේ ලෝකේ නැති බව අපි හැමෝම හොදට හිතට ගන්න ඕනෙ. පව්කාරයන්ව ඒකෙන් බේරගන්න එකයි අපේ දිවැසිවර කාර්යය. එතකොට අපිවත් පාපෙන් ඉබේම ගැලවෙනවා. අපේ මූලිකම අරමුණ විය යුත්තේ ජේසු වගේ වීමයි. සමාව දෙන්න සීමා රහිතව. එතකොට අපේ ටොන් ගනන් පව් වලින් 50% වත් කමා වෙයි. ස්වර්ගෙට දහස් ගණනකින් ලං වෙයි. මොකද ජේසු ඉතුරු දේවල් කමා කරනවා......

මගේ මිදුම්කරුවානන් හා මගෙ හොදම යහලුවා වූ ජේසු තුමන්ට ප්‍රශංසා වේවා.. ප්‍රශංසා වේවා.. ප්‍රශංසා වේවා.. මහිමය වේවා... Praise the LORD.... Praise the LORD.... Praise the LORD.... ආරාධිත වේවා... නමස්කාර වේවා.... මං ආදරෙයි ජේසු.... හදවතින්ම....

Thursday, March 18, 2010

ආදරය කියන්නෙ පරිත්‍යාගයක් 2 - අසාධාරණ නඩුව


හ්ම්!! තාම කවුරුත් මගෙ අර්ටිකල් කියවලා නැති උනාට මම දෙවෙනි එක පටන් ගත්තා. ඔයාලා මගෙ මේ ආර්ටිකල් එකට කැමති නම් "ආදරය කියන්නෙ පරිත්‍යාගයක්" කියන ආර්ටිකල් එක බලලා ඉන්න.

ඔන්න දැන් තමන් ලග මෙච්චර වෙලා හිටපු තමන්ගෙම අය මේ මොහොතේ ඈත්ව යනවා. එදා මුහුදේදි කුණාටුවට අහු වෙලා ඔරුව පෙරලෙන්න යනකොට බේරගත්තු ජේසුව අතැරලා ගෝලයො සේරම හැංගිලා. අපි වගේම ජේසුත් තනි වෙලා.

දැන් නිකරුනේ අත් අඩංගුවට පත් කරපු ජේසුට විරුද්ධව චෝදනා නැතුව තමන්ගෙන්ම මිනිස්සු කුමන්ත්‍රණය කරනවා. අද අප අතරෙත් වෙන්නේ ඕකම නෙමේද? අපි අදරේ කරපු මිනිස්සු අපිව වට්ටන්න, චරිතෙ ඝාතනය කරලා දන්න, කොච්චර දේවල් කරනවද? සමහරවිට අපිත් එහෙම කරනව ඇති. අපි මේ කාවද අයෙත් මරන්න හදන්නෙ? ජේසුව නේද?

සියල්ලම පෙර කියූ අයුරින් සිදුවෙනකොට මෙන්න ජේසුගෙ මුහුණට කෙනෙක් කෙල ගහනව. අපි ලග හිටපු අපේම අය ඔලුවට අත හෝදන වෙලාවල් අපේ ජීවිතේ කොතරම් අත්දැයි සිහියට එනවා නොඅනුමාණය. අපිට නම් තම වීර්යයෙන් මුහුනට දෑතින්ම ගහන්න සිතුනත් ජේසු කලේ තමාගේ මුහුණේ අනිත් පැත්තත් හැරවීමයි.

ඔහොම වෙනකොට ජේසුව ගෙනියනවා පිලාත් ආණ්ඩුකාරයා ලගට. ඔහුට ජේසුගෙ වරදක් නොපෙනෙන තැන සෙනගගෙ බලපෑමට ගෙනියනවා හෙරෝද් රජතුමා ළගට. හෙරෝද් රජතුමාටත් වරදක් නොපෙනෙන තැන නැවත ගෙනෙනවා පිලාත් ලගට. අපිත් හොහොම නේද? වරදක් නැති කෙනෙක්ව හුවමාරු කරනවා වරදක් හොයා ගන්න.

මේ වෙනකොට සෙනගගෙ කෑගැහිල්ලට භයවෙන පිලාත් අහනවා මම මොකද කරන්න ඕනේ කියලා. සෙනග කියනවා ඒ කාලයේ දරුණුම මිනීමරුවෙක් උන 'බරබ්බස්' නැමති සිරකාරයාව නිදහස් කරලා ජේසුව ඇණ ගහන්න කියලා. පිලාත් ඔන්න ජේසුව මැරීමටත්, අර මිනීමරුවව නිදහස් කිරීමටත් අවසර දීලා "මම මේ මිනිසාගේ
ලේ වලට වග නොකියමි" කියලා අත හෝදනවා.

ඔතන මොකද වෙන්නේ? අපිත් එහෙම නෙමේද? තමන් දන්නවා මේ මිනිසාගේ වරදක් නෑ කියලා. තමන්ගේ බලය තියාගන්න අහිංසක මිනිසුන්ව බිල්ලට දෙන අය, හොයා නොබලා කෙනෙක්ගෙ පැත්තට වරද පටවන අය අපි අතරේ කියක් ඉන්නවාද? ඔබත් එහෙමද? හිතන්න. ගොඩක් වටිනවා ඒක තමන්ටම.

ඔහොම ජේසුගෙ අසාධාරණ නඩු තීණ්ඩුව අවසන් වෙනවා. මොනවද ඔබට හිතෙන්නෙ?????