Thursday, March 18, 2010

ආදරය කියන්නෙ පරිත්‍යාගයක්


අපිට ඇසෙන අපි කියන දෙයක් තමයි, "ආදරය කියන්නෙ පරිත්‍යාගයක්" කියන එක. එහෙම කියනකොට අපි ආදරේ කරන අය ඒක යොදාගෙන තමන්ගෙ වගකීම් වලින් පැනලා යනවා. ඔහොම කරනකොට ආදරය නම් වූ පිවිතුරු මේ ලෝකේ පවතින මූලිකම සිද්ධාන්තය බොරුවක්ද කියා සිතෙන අවස්ථාද එමටය. මිනිසුන් මේ තරම් පිරිහිලා ද කියලත් හිතෙනවා. එහෙම මිනිස්සු මේ ලෝකෙට ඇත්තටම බරක්. මොකද ඒ වලින් දුක් විදින්නෙ ඇත්තටම ආදරේ කරන අයයි.

මේ කතාව ලියන්නෙ මගෙ ජීවිතේ ලබපු, ඉගෙන ගත්තු දේවල් වලින්. කෙනෙක් කියනවා "බබා ඔයා මට ගොඩක් ආදරෙයි නේද? එහෙනම් මට ඔයා මගෙ සතුට ලබන්න දෙනවද?"කියලා. මම අහුවම ඇයි කියලා "ඔයාට බැරිද ඔයාගෙ ආදරේ පරිත්‍යාග කරන්න. මට ඔයාගෙන් අත් වෙන්න ඕනෙ" කියලා කිව්වා. මම එයාට කොච්චර ආදරේ උනත් අන්තිමෙට මට උනෙත් පරිත්‍යාග කරන්න.

මම ඒ දේ කලත් හරිද ඒක?. පරිත්‍යාගය කියන්නෙ තමුන්ට තියෙන සේරම දේවල් අතැරලා ජීවිතේ කුනු ගොඩක් කරගන්න එකද? නැහැ යහලුවනේ නැහැ. පරිත්‍යාගය කියන්නෙ තමුන්ට කලහැකි පමනටත් වඩා තමුන්ට ආදරේ කරන අයට ආදරය, වගකීම් ඉටු කිරීමයි.

එහෙම කරපු අය ගොඩක් ඉන්නවා බලමුද කවුද කියල? එයින් එක් උතුමෙකු තමයි ගෞතම බුදුන් වහන්සේ. මේ ලෝකේ තවත් හිටියා බුදුවරු උනාට තමන් හොයගාත්තු ඒ දර්ශනය මෙ ලෝකේට දෙන්න පුලුවන් උනේ අන් කවර දෙයක් නිසා නොව බුදුන් වහන්සේ ලග පවති මානව දයාව නිසයි. අද එතුමාගේ මග යන ඔබ මේ දේ පසක් කර තිබෙනවාද යන්න ඔබගෙන්ම ඇසිය යුත්තකි. ඔබ මොන ධාර්මිකයෙක් උනත් මගේ මේ ආටිකලයේ තිබෙන දේ කියවා යමක් තිබේනම් එය තමන්ගෙ ජීවිතයට අරුණැල්ලක් කරගන්නේ නම් මගෙ උත්සහය සාර්තක වනු ඇත.

ඔන්න එක් ලස්සන උදෑසනක් උදා විය. මිනිසුන් ගැනම සිතු මනුස්සයෙකුට එදා දවස ඊටත් වඩා ලස්සන දවසක් විය. ඒ මන්දයත් මුලු මිනිස් සන්හතියම තමන්ම උරුම කරගත් මහා කලකන්නිකමෙන් එතෙර කරන්නට
තමන්ට හැකි වන නිසාවෙනි. දිනය ලස්සන උනත් ලෝකය ලහි ලහියේ සිදුවන මහා ඛේදවචකයට සූදනම් වෙමින් තිබිනි.

රාත්‍රිය පැමිනි කල අද දිනය තමන්ගේ අවසන් දිනය බව හොදින්ම දත් මේ උත්තම මිනිසා තමන්ගේ කියා තිබූ සියලුම දේ මිනිසුන්ටම දෙන්නට කටයුතු විනි. ඒ තමන්ගේම මාන්ශයයි, ලේ ටිකයි. මිනිහෙක්ගෙ පණ කෙන්ද රැකෙන්නෙ ඒ දෙකෙනුයි. අපි අතරේ කෙනෙක් ඉදීනම් මම ඔයාට මගෙ පන උනත් දෙනවා කියපු ඔබ මේ කතාව කියවිය ‍යුතුමය. එදින එසේ විය.

මධ්‍යම රාත්‍රිය උදාවිය. මෙතුමානෝ තමන්ගේ සහෝදරයන්ට මෙන් සැලකූ ගෝලයන් සමග උයනේ යාච්ඤා කරන්නට විය. තමන් කොපමණ මිනිසුන් නිසා ජීවිතේ කැප කලත් අද මෙතුමානෝ සමග නිදිවැරීමට කිසිවකු සිටියේ නැත. තමාගේ අග්‍ර ශ්‍රාවකයාද නැත. අපටත් මෙවැනි අවස්ථා අපමණ දක්නට ඇත. අපි ආදරේ කරපු අය අපේ හැගීම්, ආශාවන්, බලාපොරොත්තු තුට්ටුවකට මායිම් නොකරන අවස්ථා කොපමණ තිබේද? අපිට ඒ අයට වෛර කරන්නට සිතෙනවා නොවෙයිද? තරහෙන් පුපුරන්න එනවා. බනින්න හිතෙනවා. දරාගන්න බෑ. ඒ වෙලාවේ එතුමත් ඇහුවා "උඹලාට මම වෙනුවෙන් එක පැයක්වත් පිබිද සිටින්නට බැරි උනාද කියලා" ඒත් මිනිස්සු වෙච්ච අපි ආයෙ කලෙත් ඒ දේමයි.

ඔහොම යනකොට අලුයම 3.00 ට ඔන්න තමුන්ගෙම ගෝලයෙක් එනවා එතුමන්ව සතුරන්ට පාවල දෙන්න. එතුමානන් ඒ මොහොතේ මොකද කලේ? ඔතන ලස්සන වැඩක් වෙනවා. එතුමානන්ගේ අග්‍ර ශ්‍රාවකයා සතුරන් ගේ නායකයාගේ දකුණු කන කපල දානවා. තමන්ව මරන්න ආපු ඒ මිනිහට මොකද කරන්නේ ඒ කන තිබුනු විඩියටම සුව කරනවා. අපි මොනවා කරයිද? අනිත් කනත් බැරි නම් බෙල්ල කදෙන් වෙන් කරයි. පරිත්‍යාගී ආදරේ කියන්නෙ ඕකටයි. ඕක කරන්න පුලුවන් කාටද? මේ දේ කලේ අපිහැමෝටම ගැලවීම දීපු ඒ ජේසු.

මේ කතාව ඉවර නෑ. අපි තාම ඉන්නෙ පාන්දර 3.00 තව පැය 12 කතාව යනවා. ඔයලා මන් එක්ක ඉන්නවද කතාව ඉවර කරන්න? ඔයාලා ටිකක් හිතන්න. එදා ජේසු කරපු දේ වලින් 10% කරන්න අපිට පුලුවන් නම් ඒ නිවන, අපි කියන ස්වර්ග රාජ්‍යයය අපිට ලගා කර ගන්න පුලුවන්. මොකද ජෙසු කියන්නෙ හිතක් පපුවක් නැති, අපේ හැගීම් තේරෙන්නෙ නැති, අපි උන්වහන්සේව පසසනකම් අපි ගැන බලන්නෙ නැති කෙනෙක් නෙමෙයි. අපි ඉල්ලන්නටත් කලින් දෙන කෙනෙක්. උඹට මම මෙහෙම කරනවට කැමතිද කියල අහලා දෙන කෙනෙක්. එහෙම කෙනෙක්ගෙ ඉගැන්වීමක් අනුව ජීවත් වෙන්න අපිට ආගම් ප්‍රශ්න බලපාන්නෙ නෑ.

මගෙ අරමුණ අපි කාට හරි කරන ආදරේ හරියට දැනගෙන කරමු. අම්මට, තාත්තට, සහෝදරයින්ට, නෑදෑයින්ට, පෙම්වතියට, පෙම්වතාට, යහලුවන්ට, යෙහෙලියන්ට, අපිට අදුරන්නෙ නැති අයට, අපිට වින කරන
හූනියම් කරන එකට ඉදන් කන කාපු ඒ සතුරන්ට, අපිට වංචා කරලපැනල ගිය අයට අපි ආදරේ කරන්නෙ කොහොමද කියල දැනගන්න ඕනේ. අපේ ජීවිතේ සතුටින් පිරෙන්නේ එතකොටයි. ඔයාලා සතුටින් හිටියොත් මුලු ලෝකෙම අපි එක්ක සතුටු වෙයි.

තව දේවල් ඊලග ආර්ට්කල් එකෙන් කියන්නම්.

No comments:

Post a Comment