Friday, March 26, 2010
අප දිහා බලන්න ජේසුනේ....
අප දිහා බලන්න ජේසුනේ.... අපිට ඔබවහන්සේගේ ආදරය අනුකම්පාව අත්විදින්න ඔන ජේසුනේ..... නැත්නම් අපි කරකියා ගන්න කිසිවක් නැතුව වල්මත් වෙලා, අසරණ වෙනවා ජේසුනේ.... අප සැම ආරක්ෂා කරලා ආලේප කරන්න ජේසුනේ....
Monday, March 22, 2010
මගේ ආදර ජේසු
Sunday, March 21, 2010
පරිත්‍යාගය 3 - කස පහර
අපමණ වැඩ අතරේ උනත් මේ ලිපිය බලන්න පුලුවන් උන එක ඇත්තටම වාසනාවක්. මොකද මෙච්චර කාලටක් ජේසු ලගින් හිටපු අය දැන් අතැරලා ගිහින්. ජේසු තනි වෙලා. අපිවත් උන්වහන්සේ සමග ඉන්න එක හොදයි.
මේ මොහොත වෙනකොට ජේසුගෙ ඔලුවට කටු අතු වලින් හදාපු ඔටුන්නක් දාලා ඒක ඔලුවේ ඇට මස් සිදුරු කරන් අතුලටම කිදා බැහැලා. මුහුණ නොපෙනෙන තරමට ලේ වලින් වැහිලා. ඔන්න දැන් කස පහර දෙන්න පටන් ගන්නවා. ඒක සාමාන්‍ය කසයක් නෙමෙයි. අගිස්සට කොකු හයි කරපු ඒවා. පිටට ගහනකොට කොකු පිටේ ඇනිලා මස් කැබලි කඩාගෙන එන්නේ. ඔහොම කරද්දි කට්ටිය ජේසුගෙ සලුවට දාදු දානවා. තව සමහරෙක් මුහුනට කෙල ගහනවා. තව අය විදවන රසය අත් විදිනවා.
අපි කොහොමද අපෙ සහෝදරයා, යහලුවා, පෙම්වතා පෙම්වතිය, අම්මා තාත්තා, වෙන කෙනෙක් හෝ වේවා කරදරේක වැටෙනකොට අපි නෑසුනා වාගේ ඉන්නවා නේද? එයාලා දුක් වෙනකොට අපි කොච්චර සතුටක් ලබනවද? ඕකට ඔහොම වෙලා මදි, ඕකගෙ හැටි අපිනෙ දන්නෙ?, දෙයියනේ ඔබ වහන්සේම බලාගන්න ඕනේ. යහතින් නම් ඉන්න දෙන්න එපා ජේසුනේ කියන කෙනෙක් නෙමේද ඔබ?
ඔබ කාටද කස පහර දෙන්නෙ? කාවද තලන්නෙ? කාගෙ මුහුණටද කෙල ගහන්නෙ? ඔබ හිතනවාද අර වේදනාවෙන් පීඩිත උනු කෙනාට ජේසු දඩුවම් කරයි කියලා. නැහැ. ජේසුගෙ බැල්ම තියෙන්නෙ පීඩිතයන් වෙතයි. මොකද ඔවුන් වාසනාවන්තයි. ඒ ජේසුගෙ වචන. ජේසු ආවේ ඔවුන් නිසා. ජේසු ඔබ ගැනයි උදහස් වෙන්නෙ. එතකම් ඉන්න එපා. කෙනෙක්ගෙ දුකක් තමන්ගෙ කරගන්න. අපේ ගැලවීම එතනයි තියෙන්නෙ.
පව් නොකරන කෙනෙක් මේ ලෝකේ නැති බව අපි හැමෝම හොදට හිතට ගන්න ඕනෙ. පව්කාරයන්ව ඒකෙන් බේරගන්න එකයි අපේ දිවැසිවර කාර්යය. එතකොට අපිවත් පාපෙන් ඉබේම ගැලවෙනවා. අපේ මූලිකම අරමුණ විය යුත්තේ ජේසු වගේ වීමයි. සමාව දෙන්න සීමා රහිතව. එතකොට අපේ ටොන් ගනන් පව් වලින් 50% වත් කමා වෙයි. ස්වර්ගෙට දහස් ගණනකින් ලං වෙයි. මොකද ජේසු ඉතුරු දේවල් කමා කරනවා......
මගේ මිදුම්කරුවානන් හා මගෙ හොදම යහලුවා වූ ජේසු තුමන්ට ප්‍රශංසා වේවා.. ප්‍රශංසා වේවා.. ප්‍රශංසා වේවා.. මහිමය වේවා... Praise the LORD.... Praise the LORD.... Praise the LORD.... ආරාධිත වේවා... නමස්කාර වේවා.... මං ආදරෙයි ජේසු.... හදවතින්ම....
Thursday, March 18, 2010
ආදරය කියන්නෙ පරිත්‍යාගයක් 2 - අසාධාරණ නඩුව
හ්ම්!! තාම කවුරුත් මගෙ අර්ටිකල් කියවලා නැති උනාට මම දෙවෙනි එක පටන් ගත්තා. ඔයාලා මගෙ මේ ආර්ටිකල් එකට කැමති නම් "ආදරය කියන්නෙ පරිත්‍යාගයක්" කියන ආර්ටිකල් එක බලලා ඉන්න.
ඔන්න දැන් තමන් ලග මෙච්චර වෙලා හිටපු තමන්ගෙම අය මේ මොහොතේ ඈත්ව යනවා. එදා මුහුදේදි කුණාටුවට අහු වෙලා ඔරුව පෙරලෙන්න යනකොට බේරගත්තු ජේසුව අතැරලා ගෝලයො සේරම හැංගිලා. අපි වගේම ජේසුත් තනි වෙලා.
දැන් නිකරුනේ අත් අඩංගුවට පත් කරපු ජේසුට විරුද්ධව චෝදනා නැතුව තමන්ගෙන්ම මිනිස්සු කුමන්ත්‍රණය කරනවා. අද අප අතරෙත් වෙන්නේ ඕකම නෙමේද? අපි අදරේ කරපු මිනිස්සු අපිව වට්ටන්න, චරිතෙ ඝාතනය කරලා දන්න, කොච්චර දේවල් කරනවද? සමහරවිට අපිත් එහෙම කරනව ඇති. අපි මේ කාවද අයෙත් මරන්න හදන්නෙ? ජේසුව නේද?
සියල්ලම පෙර කියූ අයුරින් සිදුවෙනකොට මෙන්න ජේසුගෙ මුහුණට කෙනෙක් කෙල ගහනව. අපි ලග හිටපු අපේම අය ඔලුවට අත හෝදන වෙලාවල් අපේ ජීවිතේ කොතරම් අත්දැයි සිහියට එනවා නොඅනුමාණය. අපිට නම් තම වීර්යයෙන් මුහුනට දෑතින්ම ගහන්න සිතුනත් ජේසු කලේ තමාගේ මුහුණේ අනිත් පැත්තත් හැරවීමයි.
ඔහොම වෙනකොට ජේසුව ගෙනියනවා පිලාත් ආණ්ඩුකාරයා ලගට. ඔහුට ජේසුගෙ වරදක් නොපෙනෙන තැන සෙනගගෙ බලපෑමට ගෙනියනවා හෙරෝද් රජතුමා ළගට. හෙරෝද් රජතුමාටත් වරදක් නොපෙනෙන තැන නැවත ගෙනෙනවා පිලාත් ලගට. අපිත් හොහොම නේද? වරදක් නැති කෙනෙක්ව හුවමාරු කරනවා වරදක් හොයා ගන්න.
මේ වෙනකොට සෙනගගෙ කෑගැහිල්ලට භයවෙන පිලාත් අහනවා මම මොකද කරන්න ඕනේ කියලා. සෙනග කියනවා ඒ කාලයේ දරුණුම මිනීමරුවෙක් උන 'බරබ්බස්' නැමති සිරකාරයාව නිදහස් කරලා ජේසුව ඇණ ගහන්න කියලා. පිලාත් ඔන්න ජේසුව මැරීමටත්, අර මිනීමරුවව නිදහස් කිරීමටත් අවසර දීලා "මම මේ මිනිසාගේ
ලේ වලට වග නොකියමි" කියලා අත හෝදනවා.
ඔතන මොකද වෙන්නේ? අපිත් එහෙම නෙමේද? තමන් දන්නවා මේ මිනිසාගේ වරදක් නෑ කියලා. තමන්ගේ බලය තියාගන්න අහිංසක මිනිසුන්ව බිල්ලට දෙන අය, හොයා නොබලා කෙනෙක්ගෙ පැත්තට වරද පටවන අය අපි අතරේ කියක් ඉන්නවාද? ඔබත් එහෙමද? හිතන්න. ගොඩක් වටිනවා ඒක තමන්ටම.
ඔහොම ජේසුගෙ අසාධාරණ නඩු තීණ්ඩුව අවසන් වෙනවා. මොනවද ඔබට හිතෙන්නෙ?????
ආදරය කියන්නෙ පරිත්‍යාගයක්
අපිට ඇසෙන අපි කියන දෙයක් තමයි, "ආදරය කියන්නෙ පරිත්‍යාගයක්" කියන එක. එහෙම කියනකොට අපි ආදරේ කරන අය ඒක යොදාගෙන තමන්ගෙ වගකීම් වලින් පැනලා යනවා. ඔහොම කරනකොට ආදරය නම් වූ පිවිතුරු මේ ලෝකේ පවතින මූලිකම සිද්ධාන්තය බොරුවක්ද කියා සිතෙන අවස්ථාද එමටය. මිනිසුන් මේ තරම් පිරිහිලා ද කියලත් හිතෙනවා. එහෙම මිනිස්සු මේ ලෝකෙට ඇත්තටම බරක්. මොකද ඒ වලින් දුක් විදින්නෙ ඇත්තටම ආදරේ කරන අයයි.
මේ කතාව ලියන්නෙ මගෙ ජීවිතේ ලබපු, ඉගෙන ගත්තු දේවල් වලින්. කෙනෙක් කියනවා "බබා ඔයා මට ගොඩක් ආදරෙයි නේද? එහෙනම් මට ඔයා මගෙ සතුට ලබන්න දෙනවද?"කියලා. මම අහුවම ඇයි කියලා "ඔයාට බැරිද ඔයාගෙ ආදරේ පරිත්‍යාග කරන්න. මට ඔයාගෙන් අත් වෙන්න ඕනෙ" කියලා කිව්වා. මම එයාට කොච්චර ආදරේ උනත් අන්තිමෙට මට උනෙත් පරිත්‍යාග කරන්න.
මම ඒ දේ කලත් හරිද ඒක?. පරිත්‍යාගය කියන්නෙ තමුන්ට තියෙන සේරම දේවල් අතැරලා ජීවිතේ කුනු ගොඩක් කරගන්න එකද? නැහැ යහලුවනේ නැහැ. පරිත්‍යාගය කියන්නෙ තමුන්ට කලහැකි පමනටත් වඩා තමුන්ට ආදරේ කරන අයට ආදරය, වගකීම් ඉටු කිරීමයි.
එහෙම කරපු අය ගොඩක් ඉන්නවා බලමුද කවුද කියල? එයින් එක් උතුමෙකු තමයි ගෞතම බුදුන් වහන්සේ. මේ ලෝකේ තවත් හිටියා බුදුවරු උනාට තමන් හොයගාත්තු ඒ දර්ශනය මෙ ලෝකේට දෙන්න පුලුවන් උනේ අන් කවර දෙයක් නිසා නොව බුදුන් වහන්සේ ලග පවති මානව දයාව නිසයි. අද එතුමාගේ මග යන ඔබ මේ දේ පසක් කර තිබෙනවාද යන්න ඔබගෙන්ම ඇසිය යුත්තකි. ඔබ මොන ධාර්මිකයෙක් උනත් මගේ මේ ආටිකලයේ තිබෙන දේ කියවා යමක් තිබේනම් එය තමන්ගෙ ජීවිතයට අරුණැල්ලක් කරගන්නේ නම් මගෙ උත්සහය සාර්තක වනු ඇත.
ඔන්න එක් ලස්සන උදෑසනක් උදා විය. මිනිසුන් ගැනම සිතු මනුස්සයෙකුට එදා දවස ඊටත් වඩා ලස්සන දවසක් විය. ඒ මන්දයත් මුලු මිනිස් සන්හතියම තමන්ම උරුම කරගත් මහා කලකන්නිකමෙන් එතෙර කරන්නට
තමන්ට හැකි වන නිසාවෙනි. දිනය ලස්සන උනත් ලෝකය ලහි ලහියේ සිදුවන මහා ඛේදවචකයට සූදනම් වෙමින් තිබිනි.
රාත්‍රිය පැමිනි කල අද දිනය තමන්ගේ අවසන් දිනය බව හොදින්ම දත් මේ උත්තම මිනිසා තමන්ගේ කියා තිබූ සියලුම දේ මිනිසුන්ටම දෙන්නට කටයුතු විනි. ඒ තමන්ගේම මාන්ශයයි, ලේ ටිකයි. මිනිහෙක්ගෙ පණ කෙන්ද රැකෙන්නෙ ඒ දෙකෙනුයි. අපි අතරේ කෙනෙක් ඉදීනම් මම ඔයාට මගෙ පන උනත් දෙනවා කියපු ඔබ මේ කතාව කියවිය යුතුමය. එදින එසේ විය.
මධ්‍යම රාත්‍රිය උදාවිය. මෙතුමානෝ තමන්ගේ සහෝදරයන්ට මෙන් සැලකූ ගෝලයන් සමග උයනේ යාච්ඤා කරන්නට විය. තමන් කොපමණ මිනිසුන් නිසා ජීවිතේ කැප කලත් අද මෙතුමානෝ සමග නිදිවැරීමට කිසිවකු සිටියේ නැත. තමාගේ අග්‍ර ශ්‍රාවකයාද නැත. අපටත් මෙවැනි අවස්ථා අපමණ දක්නට ඇත. අපි ආදරේ කරපු අය අපේ හැගීම්, ආශාවන්, බලාපොරොත්තු තුට්ටුවකට මායිම් නොකරන අවස්ථා කොපමණ තිබේද? අපිට ඒ අයට වෛර කරන්නට සිතෙනවා නොවෙයිද? තරහෙන් පුපුරන්න එනවා. බනින්න හිතෙනවා. දරාගන්න බෑ. ඒ වෙලාවේ එතුමත් ඇහුවා "උඹලාට මම වෙනුවෙන් එක පැයක්වත් පිබිද සිටින්නට බැරි උනාද කියලා" ඒත් මිනිස්සු වෙච්ච අපි ආයෙ කලෙත් ඒ දේමයි.
ඔහොම යනකොට අලුයම 3.00 ට ඔන්න තමුන්ගෙම ගෝලයෙක් එනවා එතුමන්ව සතුරන්ට පාවල දෙන්න. එතුමානන් ඒ මොහොතේ මොකද කලේ? ඔතන ලස්සන වැඩක් වෙනවා. එතුමානන්ගේ අග්‍ර ශ්‍රාවකයා සතුරන් ගේ නායකයාගේ දකුණු කන කපල දානවා. තමන්ව මරන්න ආපු ඒ මිනිහට මොකද කරන්නේ ඒ කන තිබුනු විඩියටම සුව කරනවා. අපි මොනවා කරයිද? අනිත් කනත් බැරි නම් බෙල්ල කදෙන් වෙන් කරයි. පරිත්‍යාගී ආදරේ කියන්නෙ ඕකටයි. ඕක කරන්න පුලුවන් කාටද? මේ දේ කලේ අපිහැමෝටම ගැලවීම දීපු ඒ ජේසු.
මේ කතාව ඉවර නෑ. අපි තාම ඉන්නෙ පාන්දර 3.00 තව පැය 12 කතාව යනවා. ඔයලා මන් එක්ක ඉන්නවද කතාව ඉවර කරන්න? ඔයාලා ටිකක් හිතන්න. එදා ජේසු කරපු දේ වලින් 10% කරන්න අපිට පුලුවන් නම් ඒ නිවන, අපි කියන ස්වර්ග රාජ්‍යයය අපිට ලගා කර ගන්න පුලුවන්. මොකද ජෙසු කියන්නෙ හිතක් පපුවක් නැති, අපේ හැගීම් තේරෙන්නෙ නැති, අපි උන්වහන්සේව පසසනකම් අපි ගැන බලන්නෙ නැති කෙනෙක් නෙමෙයි. අපි ඉල්ලන්නටත් කලින් දෙන කෙනෙක්. උඹට මම මෙහෙම කරනවට කැමතිද කියල අහලා දෙන කෙනෙක්. එහෙම කෙනෙක්ගෙ ඉගැන්වීමක් අනුව ජීවත් වෙන්න අපිට ආගම් ප්‍රශ්න බලපාන්නෙ නෑ.
මගෙ අරමුණ අපි කාට හරි කරන ආදරේ හරියට දැනගෙන කරමු. අම්මට, තාත්තට, සහෝදරයින්ට, නෑදෑයින්ට, පෙම්වතියට, පෙම්වතාට, යහලුවන්ට, යෙහෙලියන්ට, අපිට අදුරන්නෙ නැති අයට, අපිට වින කරන
හූනියම් කරන එකට ඉදන් කන කාපු ඒ සතුරන්ට, අපිට වංචා කරලපැනල ගිය අයට අපි ආදරේ කරන්නෙ කොහොමද කියල දැනගන්න ඕනේ. අපේ ජීවිතේ සතුටින් පිරෙන්නේ එතකොටයි. ඔයාලා සතුටින් හිටියොත් මුලු ලෝකෙම අපි එක්ක සතුටු වෙයි.
තව දේවල් ඊලග ආර්ට්කල් එකෙන් කියන්නම්.
Subscribe to:
Posts (Atom)